ඇමරිකාව ආපසු පැමිණ ඇති බව සිය මිත්‍ර පාක්ෂිකයින්ට මෙන් ම සතුරන් හට ද ඒත්තු ගැන්වීමට අධිෂ්ඨාන කර ගනිමින් වසර හතරකට පසු ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනපති ජෝ බයිඩෙන්, මේ සතියේ එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස සිය පළමු විදෙස් සංචාරය සිදු කිරීමට නියමිත ව තිබේ.
පසුගිය දිනෙක 21 වන සියවසේ ප්රජාතන්ත්රවාදය සහ අත්තනෝමතිකත්වය අතර අරගලය පිළිබඳ දැක්මක් සහිත ව සිදු කෙරුණු බයිඩෙන්ගේ එක් රැස්වීමකට බ්‍රිතාන්‍යයේ සහ බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරුන් මෙන් ම රුසියාවේ සහ තුර්කියේ ප්‍රබලයෝ ද සහභාගි වී සිටියහ.
78 හැවිරිදි බයිඩෙන්ගේ විදේශ ප්‍රතිපත්තිමය අත්දැකීම් පෙර සිටි සියලු එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට වඩා ගැඹුරට දිව යයි. එනමුත් එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති, ශ්‍රීමත් පීටර් වෙස්ට්මකොට් පවසන්නේ බයිඩෙන් කෙතරම් උත්සාහ කළ ද ඔහුගේ වචනය එකවර ම විශ්වාස කිරීමට අනෙකුත් රටවල් පැකිළෙනු ඇති බව යි.
“නිදසුනක් ලෙස ඉරානයේ න්‍යෂ්ටික ගනුදෙනුවට සිදු වූයේ කුමක්දැයි බලන්න, එය ඊළඟට පත් වූ ජනාධිපතිවරයා විසින් ඉරා දැමීය. ඊළඟ වසර හතර ගත වන විට ධවල මන්දිරයේ තවත් ට්‍රම්ප් හෝ ට්‍රම්ප් ක්ලෝනයක් බිහි වූයේ නම් කුමක් සිදුවේ ද? වර්තමානයේ දී මුද්‍රණය කර ඇති කඩදාසිවලට අනාගතයේ දී වටිනාකමක් නොමැති වූ විට ඔබ සමඟ ගිවිසුමකට එළඹීමේ තේරුම කුමක්ද? යි එම රටවල් අසනු ඇත. මේ වන විට විශ්වාසදායී සගයෙකු වශයෙන් ඇමරිකාවේ කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බව ඔවුන් දැන සිටින බව මම සිතමි.”
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්