නීතියේ ආධිපත්‍යය තහවුරු කොට දිගුකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung මහත්මිය ඉල්ලා සිටිනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සියලු පාර්ශ්ව වෙත අවධාරණය කර ඇත්තේ මෙම කාල සීමාව තුළ සන්සුන් ලෙස කටයුතු කරන ලෙසයි.
“ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් සහ දිගුකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ඇය සිය පණිවුඩය මගින් දැනුම් දී තිබෙනවා.
අමරිකානු රජය සියලු ප්රචණ්ඩත්වය හෙළා දකින බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් ලංකාවෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි