Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකාවට හිම කුණාටුවක්

වසර හතරකට පසු ප්‍රථම වරට ප්‍රධාන හිම කුණාටුවක් උතුරු ඇමරිකානු කලාපයට පහර දීමත් සමඟ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය හිම තුළ ගිලෙමින් පවතින බව පෙනේ.

මෙම සුළි කුණාටුව කැරොලිනාස් සිට මේන් දක්වා විහිදෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර මේ වන විට වෙරළබඩ ප්‍රදේශවල සුළි කුණාටු සහිත සුළං දක්නට ලැබේ. එබැවින් උතුරු ඇමරිකාවේ ප්‍රාන්ත පහක් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.

හිම පතනයට ආගන්තුක නොවන නගරයක් වන බොස්ටන්හි නගරාධිපති, මිචෙල් වු පැවසුවේ මෙම කුණාටුව “ඓතිහාසික” එකක් විය හැකි බවයි.

නව එංගලන්තයට අඩි දෙකකට වඩා හිම පතනය විය හැකි බවට මෙන් ම වෙරළ ආසන්නයේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ද කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

මෙම කුනාටුව හේතුවෙන් සිකුරාදා සහ ඉරිදා අතර ගමන් ගැනීමට තිබූ එක්සත් ජනපද ගුවන් ගමන් 5,000කට වඩා අවලංගු කර ඇත.

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ “නොර්ඊස්ටර්” ලෙස හඳුන්වන කුණාටුව හේතුවෙන් බොස්ටන් ප්‍රදේශය අඩි 2ක් (සෙන්ටිමීටර 61) දක්වා හිම වලින් වැසී යාමට ඉඩ ඇති බවයි.

මෙයට පෙර පැය 24ක් ඇතුළත අඟල් 27.6ක් (සෙන්ටිමීටර 70ක්) හිමෙන් වැසී ගොස් තිබෙන සුළි කුණාටුවක් වාර්තා වී තිබෙන්නේ 2003 වසරේ දීය.

About The Author