Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති නාමල්ට ප්‍රංශ තනතුරක්

අනිත් තනතුරු බෙදුණු හැටි මෙන්න

ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  අභිනව සභාපතිවරයා ලෙස තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (06) තේරී පත්ව වුණා.

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මෙහිදී ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, චාල්ස් නිර්මලනාදන් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරු ද තේරී පත්වුණා.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ද  උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද තේරී පත්වුණා.

About The Author