Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති නාමල්ගේ ආදර්ශයක් – වචන අතහරිනවාට වඩා වැදගත් වන්නේ ක්‍රියාවයි

කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (19) දින ඉල්ලීමක් කරනවා.

ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට තම බිරිඳ සමගින් පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලාසිටියා.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම කටයුත්තට ක්‍රියාවෙන්ම මුල පිරීම විශේෂත්වයක්.

ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත දැනුම් දුන්නා.

ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය කර්මයට ඔබට දායක විය හැකියි.

ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වෙන්න කියන පණිවිඩය තමයි අපිට දෙන්න ඕන වුණේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

දිවයින පුරා ලේ බැංකුවල රුධිර පරිත්‍යාගයන් සඳහා ලේ බැංකුවේ නිල වෙබ් අඩවීයට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන කෙටි පණිවුඩය භාවිතා කරමින් ද රුධිර පරිත්‍යාගලාභීන්ට එම පරිශ්‍ර වෙත පැමිණිය හැකි

About The Author