තමන්ගේ ගොඩනැගිල්ලක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් දෙමහල් ගොඩනැගිල්ලක වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ වෛද්‍යවරයෙකු එම වහලය මතින් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වන අතර ඔහු චෝදනා කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තම ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිනවාට අමතරව බොරු පැමිණිලි සිදුකර තමා අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකරන බවයි.
එලෙස තමා අත්අඩංගුවට ගැනීමට උත්සහ කළහොත් තමන් වහලයෙන් බිමට පනින බවද ඔහු සඳහන් කළේ ඒ වන විටත් එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ සිටි පසුබිමකයි.
කෙසේ නමුත් දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ වහලය මතට නැගී වෛද්‍යවරයා අවාසනාවන්ත ලෙස එම වහලය මතින් ලිස්සා බිමට අද වැටෙන්නේ අනපේක්ෂිත ලෙසයි.
එම අනතුරින් තුවාල ලද ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාල වීඩියෝව පහලින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට