ගම්පහ දිස්ත‍්‍රික්කය තුල මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම අත්හිටවූ බවට අමාත්‍ය ප්රසන්න රණතුංග මහතා විසින් පසුගියදා සිදුකරන ලද ප‍්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මහාමාර්ග අමාත්‍යංශය ලේකම්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අමාත්‍ය ප්රසන්න රණතුංග මහතා පසුගියදා ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ග ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය සඳහා එක්වෙමින් සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්වය සඳහා පැවති යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණ හේතු වූ බවයි.
අධිවේගී මාර්ගය කණු මත ඉදිකිරීමට 2015 ට පෙර පැවති රජය තීරණය කර තිබු බවත් යහපාලන රජය එම සැලසුම වෙනස් කිරීම හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඇති වූ බවත් පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා එයට විසදුමක් ලෙස කොපමණ මුදලක් වියදම් වුවද අදාළ අධිවේගී මාර්ගයේ ප්‍රශ්න ගත ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කොට නැවත සමාලෝචනයකට ලක් කරන බව සඳහන් කළා.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ ප්‍රසන්න රණතුංග මහතා සිදුකල ප්‍රකාශය අසත්‍ය එකක් බවයි.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමේ කිසිදු තීරණයක් ගැනීමට කටයුතු කර නොමැති බවද ලේකම් වරයා අවධාරණය කරනවා.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්
මාධ්‍ය නිවේදනය
මහාමාර්ග අමාත්‍යාංශය
‘ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නැවතෙයි ’ යන ශීර්ෂය යටතේ පල වී ඇති ප්‍රවෘත්ති වාර්ථාව පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු නිසා පසුගිය දා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය හා අවට ප්‍රදේශ ගං වතුරෙන් යට වූ බවට වාර්තා පලවිය . මේ සම්බන්ධව මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ , වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් පවත් වන ලදි.
එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.එහිදී මතු වු කරුණු අනුව ඉතා කෙටි කාලයකදී මිලි.මී.300 කට අධික වර්ෂා පතනයක් පැවතීමත්, ප්‍රදේශයේ ජලය බැස යාම සදහා ඇති කාණු පද්ධති හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්,දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාත් ගං වතුර සදහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හදුනා ගන්නා ලදී.
එසේ ම එහිදී අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කරගෙන යාම පිලිබදව එමගින් ගං වතුර ඇති වීමට යම් හැකියාවක් සිදුවූවා දැයි ද සාකච්ඡා කරන ලදී.ඒ අනුව අධිවේගී මාර්ගය තැනීමට ප්‍රථම සිදු කරන ලද සක්‍යතා අධ්‍යනයේ දී සිදු කල ජල කළමනාකරණය අධ්‍යනය (hydrology study) නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝදනය කිරීමට යෝජිත අධ්‍යනයේ දී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලදී.
එසේ ම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා යම් පීඩාකාරී තත්වයක් ඇතිවී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇතිනම් ඒවා මග හරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරන ලදී.
එසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව ද දන්වා සිටිමි.
ලේකම්
මහාමාර්ග අමාත්‍යාංශය
සබැඳී පුවත – ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි – සැලසුම් වෙනස් කළ යහපාලන රජයට චෝදනා රැසක්
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට