Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති ආනන්ද විජේපාල නැවතත් ජනතාව අතරට

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රාජාංගනය ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය ජීවිතය යථාවත් කිරීමටත් එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු පිලිබඳව සොයා බලා විසදුම් ලබා දීමටත් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රදේශයේ ජනතාව මුණ ගැසුණි.

විශේෂයෙන්ම ගංවතුර ආපදා තත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වු බලපෑම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු විය.

එම නිරීක්ෂණ අතරතුර වාර්තා වූ ප්‍රධාන සිදුවීමක් වූයේ රාජාංගනය වම් ඉවුරේ ඇළ මාර්ග බිඳී යාම නිසා අක්කර 150කට අධික වී වගාවක් විනාශ වීමේ අවදානමක් මතුව තිබීමය. ඒ අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වීමට අමාත්‍යවරයාට හැකියාව ලැබුණු අතර ඇළමාර්ගය බිඳීගිය ස්‍ථානයේ සිට නළ පද්ධතියක් සකස් කොට එමගින් එම වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව ගිරිබාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය ඇතුලු රාජ්‍ය සේවක නිළධාරී මහත්ම මහත්මීන් මෙන්ම මහජනතාව එක්ව මෙම ජලනල එළීමේ කටයුතු මේ වන විට දින කිහිපයක් ඇතුළත අවසන් කර ඇත.

About The Author