අධිකරණ නියෝගයෙන් මන්ත්‍රී ධුරය අහිමි වූ ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් ඇමති ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුරුක් ලබා දී තිබේ.
ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරයි.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාට අහිමි වූ අමාත්‍ය ධුරයට අයත් විෂය පථයට අදාළව ජනාධිපති උපදේශක තනතුර හිමිව ඇති අතර අදාළ අමාත්‍යාංශ සඳහා මේ වන තෙක් විෂය භාර කැබිනට් අමාත්‍යවරයෙක් පත්කර නොමැත.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස හරීන් ප්‍රනාන්දු උපදේශක පත් කිරීමක් ලබාදී තිබෙන්නේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ධුරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටවූ පසු ඒ සඳහා නව වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වනු ඇතැයි පැවසූ පසුබිමක වීම විශේෂත්වයකි.
© Lanka Truth
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?