නොකියපු දේ මාව අල්ලලා දාලා මිනිස්සු මට හිනා වෙනවා , නින්දා කරනවා – මහාචාර්යවරිය සිය වේදනාව පිටකරයි
අන්තර්ජාලය හරහා තමන් සිදු කළ ප්‍රකාශයක් විකෘති කරමින් මෙරට ජනමාධ්‍ය සහ ඇතැම් පුද්ගලයන් විසින් ඉතා අශෝභන ලෙස අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ තමා කියූ දෑ විකෘති කරනවා සේම තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ දෑ ඇය සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් බොහෝ මාධ්‍ය කටයුතු කර තිබීම හේතුවෙන් ඇය දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.
කොරෝනා අවදානම හමුවේ පාසල් විවෘත කළ යුතු බව ඇය පැවසුවේ යැයි සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය මගින් පළ කළ පුවත,
සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ට වෙනත් රටවලට යාමට බාධාවක් නැතැයි ඇය පැවසූ බව සඳහන් කරමින් පලකළ පුවත,
කරුණු විකෘති කිරීම් ලෙසයි ඇය සඳහන් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තැබූ සටහනෙහි දළ සිංහල පරිවර්තනය
මේ කාලය පුරාම මම නිහව සිටියෙමි, මම කිසි විටෙකත් නොකියූ දේ සඳහන් කරමින්, මා කරන විනාඩි 30-40 ක වෙබ්නාර් එකකින් එක වැකියක් ගෙන, සමස්ත සන්දර්භය බැහැර කර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මා වැරදි ලෙස උපුටා දක්වමින් සිටියදී මම නිහඬව බලා සිටියෙමි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මෙය කිරීම ගැන මම දැඩි ආතතියකට මෙන්ව වෙහෙසට පත්ව සිටිමි.
මෙය නැවැත්විය යුතුයි!
ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?
වැරදි දේ උපුටා දැක්වීමෙන් හා ඊටත් වඩා නරක ලෙස මම කිසි දිනෙක නොකියූ දේ පළ කිරීමෙන් ඔවුන් කරන හානිය ඔවුන් නොදන්නවාද?
එසේම, එහි ඇති සියලුම මාධ්‍ය වෙත, මම විනාඩි 30-40 ක වෙබිනාර් එකක් කළ විට ඔබ මුළු වෙබිනාර් එකේම වාක්‍යයක් පමණක් ගෙන එය මාතෘකාවක් ලෙස තැබුවහොත් එය කෙතරම් නොමඟ යවන සුළුද?
අපි දැන් පාසල් විවෘත කළ යුතු යැයි මම කීවේ නැත.
රට අගුලු දමා ඇති අතර ආසාදිතයින් සහ මරණ අඩු වීමට පටන් ගෙන තිබේ.
ගේට්වේ විද්‍යාලයේ වෙබිනාර් එකකදී මම ඇත්ත වශයෙන්ම පැවසූ දේ ගැන යමෙකු උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර පහත සඳහන් සම්පුර්ණ කතාව අහන්න.
පහත දක්වා ඇති මාධ්‍ය ලිපි ගැන අදහස් දක්වන සියල්ලන්ම, මම මෙය පැවසුවාද නැද්ද යන්න පරීක්ෂා නොකර, මා හට නින්දා කරයි, මට උපහාස කරයි, මට ඔබටද කියන්නට දෙයක් ද ඉතිරිව නැත.
මා මේ තුළ හෙම්බත්ව සිටිමි.
මගේ සම්පුර්ණ කතාව මෙතනින් අහන්න
පසුගිය සති 8 තුළදී මම මාධ්‍ය වෙත කතා කළ එකම අවස්ථාව වූයේ රූපවාහිනී නාලිකාවේ “හුස්ම” වැඩසටහන සඳහා ඉරිදා දිනවල පමණි.
පසුගිය සති 8 තුළ මා මාධ්‍ය මඟින් උපුටා දක්වා ඇති අනෙක් සෑම අවස්ථාවකම එක්කෝ ඔවුන් එය කළේ මම කළ දේශනයකින්/වෙබ්නාර් එකකින්, නැත්නම් මා සඳහන් කළ බව පවසා ඔවුන්ගේ මනසේ පහළ වූ දේ මාගේ අදහස් ලෙස ලිය දැක්වීමෙන් විය හැක.
ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සමාව ඉල්ලීම
මෙරට ජාතික පුවත්පත්, වෙබ් අඩවි, , රූපවාහිනී නාලිකා , ගුවන් විදුලි නාලිකා ඇතුළු මාධ්‍ය රැසක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළ බව පවසමින් අසත්‍ය තොරතුරු සමාජගත කර තිබුණා.
මේ හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාට විශාල පීඩනයක් එල්ල වූයේ අදාල අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාකර මෙම පුවත නිවැරදි කරන ලෙසයි.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ සමාව අයදින්නේ මෙම කරුණ සම්බන්ධයෙන්.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ කරුණු සම්බන්ධයෙන් කනගාටු වන බව ද දක්වා තිබෙනවා.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසින් සිදුකරන ලද දේශනය විකෘති කර පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.
එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලා සිටි බවයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
”මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්.
ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා.
එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.
එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා.
එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා”
වගකිවයුතු මාධ්‍යයක් ලෙස අප කිසිදු අවස්ථාවක එම අසත්‍ය පුවත පළ නොකළ අතර එම පුවත පලකල බොහෝ මාධ්‍ය අලහප්පෙරුම මහතා නීලිකා මලවිගේ මහාචාර්යවරියගෙන් සමාව ඉල්ලූ බව වාර්තා කර තිබුණද, සමාව ඉල්ලුවේ කුමන කරුණක් වෙනුවෙන් දැයි සඳහන් කිරීමට මැලි වන්නේ ඔවුන්ද එම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට කටයුතු කර ඇති නිසා බව අපට අවබෝධ කරගත හැක.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී