රුපියල් 5000 දීමනාවක් ලබා දීම පිළිබඳ අවධානය
මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.
එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයාබැලීම අග්‍රාමාත්‍ය වරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.
නෞකාවේ ගින්නෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති රාජපක්ෂ මහතා මෙවැනි ආපදාවලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන ලෙස ද අදාළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, ජාඇල සහ මීගමුව වෙරළ තීරයන් ජීවත්වන ධීවර පවුල් 5600 ක් සඳහා සහන සැලසීම ලබන සදුදා (31)සදුදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සහන ලබාදීමේ වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පෙන්වා දී ඇති අතර අඩුපාඩුවක් නොවන ලෙස අදාළ ජනතාවට සහන සැලසීමට පියවර ගන්න ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙ ලබා දී ඇත්තේ.
මේ වන විටත් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින අතර නාවික හමුදාව ඇතුළු ආයතන ගණනාවක් මේ සඳහා මැදිහත්ව සිටිනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කටයුතුද නිරීක්ෂණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට