නම “නියොකොව්” : දැනටමත් ලොව පුරා ව්‍යාප්තිය ඇරඹිලා
දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ව්‍යාප්ත වුවහොත් එය ආසාදිත විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන්නේ.
මෙම ප්‍රභේදය මේ වන විටත් දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතින බවද වර්තාවනවා.
මෙය ආසාදිත වූ පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය ජනතාවට අවධාරණය කරනවා.
නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන කොවිඩ් උප ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.
මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්රභේදයන් ද අභිභවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බවට පුරෝකථනයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි