දැනට හුදෙකලා කර ඇති කින්නියා පොලිස් වසමට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ආසාදනය වී නිවෙස් තුළම මියයන ආසාදිතයන්ගේ මළසිරුරු හොර රහසේම භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩී.ජී.එම්. කොස්තා මහතා සඳහන් කරනවා.
එම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර ඇති අතර ඇතැම් ග්‍රාම නිලධාරි වසම් වල පවතින දුෂ්කර ගම්මාන කිහිපයක ම නිවෙස්වල සිටි කොරෝනා අසදිතන් කිහිප දෙනෙකුම මියගොස් තිබෙනවා.
එලෙස මියයන පුද්ගලයන්ගේ සිරුරු හොර රහසේ භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇති බවයි කොස්තා මහතා සඳහන් කරන්නේ.
කොරෝනා මෘත දේහ වැළලීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට සඳහා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ද කී අධ්යක්ෂවරයා මෙය බරපතළ තත්ත්වයක් බවද සඳහන් කළා.
© Lanka C news


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට