දිස්ත්‍රික්ක කිහිපයක වෙනදා සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට දිස්ත්‍රික් මට්ටමින් කරගෙන යමින් තිබූ අහඹු PCR පරීක්ෂණ නවත්වන්නැයි බලධාරීන් විසින් දන්වා ඇති බවයි.
එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පවසන උපුල් රෝහණ මහතා මෙහි අරමුණ වන්නේ ආසාදිතයන් වාර්තා වීම අවම ලෙස පෙන්නුම් කිරීම බවට චෝදනාවක්ද එල්ල කරනු ලැබුවා.
නමුත් මෙම තීරණය හමුවේ සිදුවිය හැක්කේ ජනතාව අතර තවදුරටත් වසංගතය තීව්ර වීම බව ද පැවසූ ඔහු යම් අයුරකින් අහඹු PCR පරීක්ෂණ කට්ටල හිගයක් පවතිනවා නම් ඒ පිළිබඳ ජනතාව සහ අදාළ අංශ දැනුවත් කළ යුතු බවද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට