රටේ ආර්ථිකය සංවර්ධනය ඇති කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන ලෙස පොදු ජන පෙරමුණ නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නවක මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ අත්සන යුතුව ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ පොදු ජන පෙරමුණට ජීවය ලබා දුන් එහි නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවයි.
කෙසේ වෙතත් මහමැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව පිහිටුවන විට බැසිල් රාජපක්ෂ මතට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස දිවුරුම් දීමට කිසිදු නීතිමය හැකියාවක් තිබුනේ නැහැ.
ඒ ඔහු අමෙරිකානු පුරවැසියෙකු ද වීම හේතුවෙන්, නමුත් මේ වන විට සම්ම්මත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ද්විත්ව පුරවැසියන්ටද මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමට අවකාශය උදාවනවා.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් යොමු කළ ලිපිය පහළින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට