Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ආයුබෝවේවා ඔමික්‍රොමයාණෙනි” කියා පිළිගත්තේ කවුද ?

ඔමික්‍රෝන් රටට තුළ පැතිරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වරදින් : ඇතුළෙන්ම කියයි

කොරෝනා ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය මේ වන විට රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී තිබෙනවා.

2021 වසර අවසානයේ ජනතා ක්‍රියාකාරකම් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුළු වීම සම්බන්ධයෙන් සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වී තිබෙනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ ඉදිරියේදී රටේ ජනතාව විශාල ජීවිත අවදානමකට ලක්වීමේ අවස්ථාවක් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික වෙමින් සකස් කළ මාර්ගෝපදේශ වල ඇති අඩුපාඩු මේ තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා නිකුත් කළ නිවේදනය පහලින්.

රට තුලට ඇතුළුවන ගුවන් මගීන් PCR පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු කිරීම, ඔමික්‍රෝන් රැල්ලක් රටේ ඇතිවීමට හේතුවී ඇති බව දැනට සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාධිතයින්ගේ දත්ත මගින් ඉතා පැහැදිළිව තහවුරු වී ඇත.

ඒ අනූව මේ වන විටත් ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වී ඇති අතර, ඉදිරියේදී රට ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයකට ලක් වීමට බොහෝ ඉඩකඩක් පවතී.

රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කලේනම් මෙම තත්වය වලක්වා ගැනීමේ හැකියාවක් තිබුණු අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා කටයුත නොකරමින්, මහ ජනතාව අනවශ්‍ය අවධානමක හෙලමින් සිටින්නේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිළි නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවන ඔමික්‍රෝන් තර්ජනයේ වගකීම අදාල මාර්ගෝපදේශ හදන කණ්ඩායම බාර ගත යුතුය.

ගුවන්ගතවීමට දින කිහිපයකට කලින් සිදු කල PCR පරීක්ෂාවක් මගින් ආසාධිත තත්වය තහවුරු කල නොහැකි බවත්, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පමණින්, පරීක්ෂාවට ලක් නොකිරීම නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, හදුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ තොරතුරු මගින් තහවුරු වී ඇති අතර, අදාල ආසාධිතයින් බහුතර ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හා ගුවන්ගත වීමට පෙර ලබා ගත් PCR පරීක්ෂාවක් මගින් ආසාධනයක් නොමැති බව තහවුරු කරගත් අය වීම මගින් ඔන් ඇරයිවල් PCR නොකිරීමේ ප්‍රතිපත්තිය බරපතල වැරදි තීරණයක් බව තහවුරු කර ඇත.

දෙසැම්බර් මාසයේ ආගමනිකයන් හා විගමනිකයන් අතුරෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාධිතයන් ප්‍රමාණය.

📌️පලමු සතිය
ආගමනිකයන් – 1
විගමනිකයන් – 0

📌️දෙවන සතිය
ආගමනිකයන් – 0
විගමනිකයන් – 1

📌️තෙවන සතිය
ආගමනිකයන් – 3
විගමනිකයන් – 6

මෙම විගමනිකයන් සියල්ල ඊශ්‍රායල්, ඉතාලි, කැනඩාව, අයර්ලන්තය සහ ඩුබායි යන රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන නමුත් එන්නත්කරණය සම්පූර්ණ කිරීම නිසා On Arrival PCR පරීක්ෂණ සිදු කිරීමේ නොහැකියාව මත පැමිණීමේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

📌️සිව්වන සතිය
ආගමනිකයන් – 1
විගමනිකයන් – 22

මෙම විගමනිකයන් සියල්ල පෙර පරිදිම විවිධ රට වලින් මෙරටට පැමිණි අයවලුන් අතර ඔවුනට අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකින් වාර්තා වී ඇත. එම ප්‍රදේශ විශ්ලේෂණය කිරීමේදී මේ වන විටත් ඔමික්‍රෝන් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති බවට සැක පහල වේ.

එම ප්‍රදේශ වන්නේ බණ්ඩාරගම, කොළඹ, ඇඹිලිපිටිය, අලුත්ගම, රාගම ය.

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

About The Author