Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආයිත් පිනට නෑ : රතු නම් කපන එක කපනවාමයි

කපන්න කලින් කියන බවත් කියයි

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසු බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික බිල්පත ගෙවීමට හැකි පිරිස පවා එක දිගටම එය පැහැර හැරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

පසුගිය මාස කිහිපයේදි වරින් වර විදුලි බිල්පත් ගෙවා ඇති පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි නොකරන බවත් එක දිගටම බිල්පත් ගෙවීම් පැහැරහැර ඇති අයගේ විදුලි සම්බන්ධතාව අක­මැත්තෙන් වූවද තාවකාලිකව විසන්ධි කිරීමට සිදු වී ඇති බවත් ලොකුගේ මහතා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් විදුලි විසන්ධි කිරීමට පෙර රතු බිල්පත් නිකුත් කරන බවද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළ බවයි දිනමිණ වාර්තා කරන්නේ.

About The Author