Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආන්දෝලනාත්මක අපරාධවල ප්‍රධාන සැකකරුවන්ට ආණ්ඩුවෙන් නිදහස ?

වත්මන් රජය බලයට පත් වී ගෙවුණු වසරක කාලය තුළ සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ සිදු කළ අපරාධකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුගෙන් කප්පම් ඉල්ලා එය නොදීම හේතුවෙන් හෝටලයට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අල්ලාගෙන නැති අතර, අපරාධයට යොදා ගත් සැබෑ ගිනි අවිය පවා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

‘එස්. එෆ්. ලොක්කා’ නමින් ප්‍රසිද්ධව සිටි අපරාධකරු මහ මැතිවරණය පැවැති දිනයේ දී අනුරාධපුර ප්‍රදේශයේ දී ඝාතනය කළ අතර, එහි පරීක්ෂණ පවා මේ වන විට නැවතී තිබේ. පොලිසිය භාරයේ සිටිය දී හෙරොයින්  තොගයක් අල්ලා ගැනීමට රැගෙන ගිය ප්‍රධාන පෙළේ අපරාධකරුවකු වූ මාකඳුරේ මධුෂ් තවත් පාර්ශ්වයක වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

එම අපරාධ කණ්ඩායම ද අත්අඩංගුවට ගැනීමට සමත් වී නැත.

මොරටුව ප්‍රදේශයේ දී මහ දවල් වෙඩි තැබීමෙන් ධීවර ව්‍යාපාරිකයකු ඝාතනය වූ අතර එහි ප්‍රධාන සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පොල්දූව ආරණ්‍යයේ වැඩවාසය කරමින් සිටිය දී රත්ගම කලපුවේ ගිලී අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ මරණය සම්බන්ධයෙන් ද මෙතෙක් නිසි තොරතුරක් හෙළිව නැත.

ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් කිහිප දෙනකු ම විදෙස් රටවල දී අත්අඩංගුවට පත් වුව ද, මේ රජය යටතේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇත.

© උපුටාගැනීම – ලංකා නිවුස් වෙබ්

About The Author