පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබේ දැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.
ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙහිදී සඳහන් කර තිබෙනවා.
2017 සහ 2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීම සඳහා පසුගියදා (16) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳවත් විශේෂ අවධානයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි.
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට