ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මැදිහත් වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත Facebook, Whatsapp, Youtube , Instergram ,Twitter, Youtube ඇතුළු සියලුම සමාජ මාධ්‍ය වේදිකා තාවකාලිකව සීමා කරන ලෙස සේවා සපයන්නන්ට උපදෙස් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාවරයාද මෙම කරුණ තහවුරු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
රට තුළ මතුව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ නතාවගේ මූලික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රජයට සහ දේශපාලනඥයන්ට එරෙහිව මතුවෙමින් පවතින විරෝධතාවයන් මර්දනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති බව ලැබෙන්නේ.
අද සවස 03.00 ට දිවයිනේ සියලුම ජනතාව මහ මඟට පැමිණ රජයට එරෙහිව විරෝධතාවයක් සිදුකළ යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගිය තොරතුරු හේතුවෙන් රජය මේ වනවිට දැඩි කැලඹීමකට ලක්ව ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ඊයේ(02) දින පස්වරුවේ පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ද එළඹෙන දින දක්වා ක්‍රියාත්මකයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට