ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයට තවත් පුද්ගලික ආයතනයකට ලබන ඔක්තෝම්බර් මස 28 වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 16 වනදා නියෝග කර තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, ජේ එච් එස් එන්ටර්ප්‍රයිසස් ආයතනය සහ අනුරාධ එන්ටර්ප්‍රයිසස් ආයතනයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එය විභාගයට ගත් දිනයේ අධිකරණයේ පෙනි නොසිටි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, ජේ එච් එස් එන්ටර්ප්‍රයිසස් ආයතනයට මෙලෙස සිතාසි නිකුත් කිරීමටයි පියවර ග්‍රෙන ඇත්තේ.
ගෑස් සිලින්ඩර් වෙළෙඳපොලට නිකුත් නොකර සැගවීමට කටයුතු කිරිමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත් උල්ලංඝනය කර ඇති බව කියමින් අධිකාරිය කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය සිදු කර තිබේ.
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, ජේ එච් එස් එන්ටර්ප්‍රයිසස් ආයතනය සහ අනුරාධ එන්ටර්ප්‍රයිසස් ආයතනයට අධිකාරිය විසින් මෙලෙස ඉකුත් 16දා අධිකරණයේ නඩු ගොනු කර තිබූ අතර එදින අධිකරණයේ පෙනි සිටි අනුරාධ එන්ටර්ප්‍රයිසස් ආයතනය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරිමින් එදිනට අධිකරණයේ පෙනි සිටින ලෙසට අවවාද කර ඇත.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වගන්න ප්‍රකාරව නඩු ගොනු කර තිබූ අතර 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ වගන්ති යටතේ කටයුතු කරමින් අධිකාරිය විසින් නිකුත් තර ඇති අංක 27 දරණ විධානය මගින් පුරවන ලද සහ කාර්මික ද්‍රවකෘත පෙට්ට්‍රෝලියම් ලෑස් සිලින්ඩර් විකිණීමට බලයලත් සෑම වෙළෙන්දෙකු හෝ බෙදා හරින්නෙකු විසින් පුරවන ලද ගෑස් සිලින්ඩර් විකිණිමේදී වගන්ති ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු ගොනු කර ඇත.
මෙම නඩුකරය සඳහා අධිකාරියේ විමර්ශණ නිලධාරියාගේ සිට අධිකාරියේ අධ්‍යක්ෂ, මිනූම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සාක්ෂිකරුවන් 13 දෙනෙක් නම් කර ඇති අතර ඇමුණුම් 14ක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට