Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව රුපියල් බිලියන 262ක් කොරෝනා පාලනය වියදම් කරලා

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහි දී මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේ ය.

රජය ඉතා සාර්ථකව කොරෝනා පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී ඒ මහතා සමාජ ආර්ථික බලපෑම් ඇති කරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේ ය‍.

මුදල් අමාත්‍යංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොරෝනා පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ.

අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර තිබේ.

About The Author