කොරෝනා සහ කඩාවැටුණු ආර්ථිකය ඉදිරියට දමයි
මැතිවරණයකින් තොරව ප්‍රාදේශීය සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට රජය සූදානම් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
ඒ අනුව, පළාත් පාලන ආයතන 340ක එනම් මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය ලබන වසරේ අප්‍රේල් මාසයේදී අවසන් වීමෙන් පසු ඒවායේ නිල කාලය දීර්ඝ කෙරේ. තවත් ප්‍රාදේශීය සභාවක (ඇල්පිටිය ප්‍රාදේශීය සභාව) කාලය පසුව අවසන් වීමට නියමිතව තිබේ.
නිල මූලාශ්‍ර පැවසුවේ රජය වත්මන් වසංගත තත්ත්වය සහ මූල්‍ය අර්බුදය එම කරුණ සාධාරණිකරණය කිරීම සඳහා ඉදිරිපත් කරනු ඇති බවයි.
මේ අනුව පළාත් පාලන කොට්ඨාශ 4,917 ට රුපියල් මිලියන 4 බැගින් වෙන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැයෙන් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම ප්‍රතිපාදන සඳහා රජයට වැයවන මුදල රුපියල් මිලියන 19,668 ක් බව ද සඳහන්.
දේශපාලන පක්ෂ නොසලකා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එම ප්‍රතිපාදන ලබාදෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇති බවද වාර්තවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට