ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද තවත් මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකෙරිණි.
රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර සහ මාධ්‍ය නීති සංසදය යන පාර්ශව විසින් වෙන වෙනම මෙම පෙත්සම් ගොනුකරනු ලැබීය.
මීට පෙර විපක්ෂය සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින්ද මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනුකර ඇත.
සමාජ මාධ්‍යය ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පසුගිය ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසමක් මගින් සමාජ ජාලාවල පළකෙරෙන අන්තර්ගතයන් වාරණයට ලක්කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරන පුද්ගලයන්ට දඬුවම් නියම කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මෙම පනත් කෙටුම්පතට පාර්ශව රැසක දැඩි විරෝධය එල්ලවී තිබේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්‍ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට