ජාත්‍යන්තර බලපෑම් සහ පීඩනය වැඩිවෙන තුරු හිඳ මානව හිම්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට තරම් රජය බංකොලොත් වීම ජාත්‍යන්තරයට විහිළු සැපයීමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා.
ඔහු මේ අදහස් පළකලේ ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ කොරෝනා ආසාදනය වී මිය යන රෝගීන්ගේ මලසිරුරු භුමදානයට අවසර ලබා දෙන චක්‍රලේඛය පිළිබඳ අදහස් පළකරමින්.
මානව හිමිකම් ආරක්ෂා කිරීම රාජ්‍යයක වගකීම සහ වගවීම බව පෙන්වා දුන් අබේවර්ධන මහතා, එම වගකීම ජාත්‍යන්තර පීඩනයක් ලෙස එල්ලවන තුරු රජයක් කිසිවක් නොකර වෙනත් කතා කියමින් සිටින තත්ත්වයට පත් වීම ජාත්‍යන්තර විහිළුවක් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
භුමදානය මුස්ලිම් ජනතාවට පමණක් බලපෑ සිදුවීමක් නොවුණු බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා සඳහන් කලේ වත්මන් රජය එය ජාතිවාදී ගැටලුවක් බවත් කළ බවයි.
ඔහු මේ අදහස් පළකලේ අද පෙරවරුවේ පැවති ගාල්ල බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට