ආණ්ඩුව කොරෝනා මරණ සහ තොරතුරු වසන් කරන බව පවසමින් ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනවා.
ඔහු පවසන්නේ මැයි මස 07 වෙනිදා දිනයේදී පමණක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 19ක් වාර්තා වී ඇති බවයි.
නමුත් රජය වාර්තා කර තිබෙන්නේ ඉන් මරණ 03ක් පමණයි.
මේ අයුරින් සෑම දිස්ත්‍රික්කයකම කොරෝන මරණ සහ තොරතුරු සඟවන බවට පැහැදිලි සාක්ෂි මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඔහු පවසනවා.
එමෙන්ම දිනකදී වාර්තාවන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවේ පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව සිත මතා ක්‍රියා කරමින් සිටින බවට චෝදනාවක්ද ඔහු එල්ල කරනවා.
ඔහු පවසන්නේ මෙවැනි වසංගතයක් පවතින අවස්ථාවක ආණ්ඩුව තම ප්‍රතිරූපය ගැන සිතමින් තොරතුරු වසන් කරන්නේ නම් එය මහා ඛේදවාචකයක පෙර නිමිත්තක් බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට