Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව කොරෝනා එන්නත්කරණයත් හත්පොලේ ගා ගන්නා හැටි ජනවාරි මාසයේ රනිල් තක්කෙටම කියලා

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්ද පිළිගෙන තිබෙනවා.

අද දිනයේ මෙන්ම පසු ගිය දින කිහිපය පුරාම එන්නත්කරණ මධ්‍යස්ථාන අසලින් ගැටුම්කාරී මෙන්ම උණුසුම්කාරී සිදුවීම් රැසක් වාර්තා වුයේ අදාළ ක්‍රියාවලියේ ඇති අපිළිවෙල ස්වභාවය හේතුවෙන්.

එමෙන්ම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශද නොතකා අදාළ මාර්ගෝපදේශ බැහැර කරමින් ආණ්ඩුව තම හිතවතුන්ට මෙන්ම විවිධ කණ්ඩායම් වලට එන්නත් ලබා දෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් මර්ධන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන ඒමටත් පෙර හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එන්නත් කරන ක්‍රියාවලිය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම, මධ්‍යස්ථාන පිහිටුවීම, උපකරණ ලබා ගැනීම ආදී කරුණු පිළිබඳ රජය සූදානම් විය යුතු ආකරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.

එහිදී ඔහු අවධාරණය කළේ අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා රජය අපොහොසත් වුවහොත් සමස්ත ක්‍රියාවලියම අවුල් ජාලාවක් වනු ඇති බවයි.

ඔහු පැවසු ලෙසින්ම අද වන විට එය සිදුව තිබෙනවා.

මේ ජනවාරි මස 15 වනදා “කොරෝනා අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය මුහුණ දෙන සමාජ දේශපාලනික සහ සෞඛ්‍ය අභියෝග” යන මැයෙන් පැවති දේශනයක හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පල කළ අදහස්..

About The Author