Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව කරන දේවල් වලට විරුද්ධ වෙන්න අපිට බෑ – සිවුර ඇතුළේ කෛරාටික දේශපාලකයින් ඉන්නවා

ගලගොඩ අත්තේ ඤාණසාර හිමිගෙන් විශේෂ අනාවරණයක්

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුව හරහා හිමිවූ එකම මන්ත්‍රී ධුරය මේ වන විට නියෝජනය කරන අතුරලියේ රතන හිමියන් විසින් එම මන්ත්‍රී ධුරය තමන් වහන්සේ වෙත මේ කාල වකවානුව වන විට ලබා දීම සඳහා එකඟ වී තිබු බව පුජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එය තමන් වහන්සේගේ බලාපොරොත්තුව නොව සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තුව බවයි.

එමෙන්ම සිවුර තුළ සැඟවුණු කෞටිල්‍යලා පවා අභිබවා ගිය දේශපාලකයින් සිටින බවද උන්වන්සේ සඳහන් කළේ Mee Massoo TV සමඟ විශේෂ කතාබහකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීමෙන් පලක් නොමැති බවද සඳහන් කළා.

සම්පුර්ණ වැඩසටහන පහතින්..

About The Author