අකුලගෙන පලයල්ලා ගොවියන් දැනුම් දෙයි – ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි
වැව් තාවුල්ලේ අලංකාරත්වය සඳහා මෙන්ම සංචාරකයන් ආකර්ශනය කර ගැනීම අරමුණු කර ගනිමින් කන්තලේ වැව් තාවුල්ලේ ඇවිදින මං තීරුවක් කිරීමට රජය තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් පරාක්‍රම සමුද්‍රය ඇවිදින මං තීරුව වෙත එල්ලවූ විරෝධය හා සමානම විරෝධයක් මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ද එල්ලවූයේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ සහ ගොවි සංවිධාන නියෝජිතයන් ගෙන්.
ඔවුන් සඳහන් කළේ කන්තලේ වැව් තාවුල්ලට විදින මංතීරු අනවශ්‍ය බවයි.
මීට මාස කිහිපයකට පෙර කැඩී ගිය ඒ අසලම ඇති දිවුල් ගස් වැවේ පිටවාන ඉදිකිරීම සඳහා අදාල මුදල් වැය කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.
ප්රමුඛ අවශ්‍යතාවයන් පසෙකලා රජය සංදර්ශන පවත්වමින් සිටින බවට චෝදනාවක් ද සිදු කරන ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ මේ වන විට ආණ්ඩුවේ කටයුතු මොනර නැටුමක් වී ඇති බවයි.
මොනර නටුමකදී මොනරාගේ නිරුවත සියලු දෙනාට ප්‍රදර්ශනේ වන්නා සේ ආණ්ඩුව සිදු කරන මෙවැනි වැඩසටහන් වලින් ආණ්ඩුවේ ස්වභාවය ද ජනතාවට අවබෝධ වී ඇති බව උන්වහන්සේ අවධාරණය කළා.
කෙසේ වෙතත් කන්තලේ බාර වාරි ඉංජිනේරුවරයා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවයි.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට