Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව උතුරට බර තබයි : ආරක්ෂාව සහ හිතවත් කම වැඩි කරයි : ආණ්ඩුකාරවරයාට වැඩි වගකීමක්

උතුරේ සංවර්ධනයේ පණිවිඩය දකුණට ගෙන ඒම සඳහා මාධ්‍ය මෙහෙයුමකුත් සකස් කරයි

පසුගිය කාලය මුළුල්ලේම උතුරු පළාතෙහි ආරක්ෂාව බිද වැටීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ආණ්ඩුකාර ධූරය දැරූ පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කොට නව ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දැරූ ජීවන් ත්‍යාගරාජා මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ ද එවන් වටපිටාවක් තුළයි.

එමෙන්ම උතුරේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු දකුණට සන්නිවේදය නොවීම හේතුවෙන් ද ආණ්ඩුව සිදු කෙරෙන මැදිහත්වීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගැටළු මතුව තිබෙනවා.

මීට විසඳුමක් ලෙස නව ආණ්ඩුකාරවරයා පත් වූ විගස පොලිසිය සහ ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් ප්‍රජා පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට ද කටයුතු සලසුම් කර තිබෙනවා.

යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් වසම් මට්ටමෙන් ආරම්භ කිරීමට රජයේ බලාපොරොත්තුවයි.

ඒ පිළිබඳව පොලීසිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (02) යාපනය මූලස්ථාන පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබෙන්නේ මෙම වැඩසටහන සදහා ප්‍රජා පොලිස් හා පරිසර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ජගත් පලිහක්කාර මහතා,යාපානය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උජිත් N.P ලියනගේ මහතා නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

යාපනය පොලිස් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරනු ලබන ප්‍රජා පොලිස් සේවාව ග්‍රාම නිලධාරී වසම් 153 ක් ආවරණය කරමින් පොලිස් වසම් 09 තුල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම පොලිස් ප්‍රජා සේවා මගින් සුළු පැමිණිලි පොලිස් වාර්තා සහ තම ග්‍රාමයේ ඇති නොයෙකුත් හිත් අමනාපකම් මත ඇති මන ගැටුම් ඇති නොවී සමථයකට පත් කිරීමට නියමිතයි.

ගම් ප්‍රදේශයට පත් කරනු ලබන පොලිස් ප්‍රජා සේවා නිලධාරීන් එම ගම්ප්‍රදේශයේ පොදු කටයුතු සඳහා සහාය වීම,ප්‍රජා උපදේශනය හා විශෝධනය ආපදා කළමනාකරණය,පරිසර ආරක්ෂක ප්‍රවර්ධනය, ජාතික හා ආගමික සමගිය ප්‍රවර්ධනය මත්ද්‍රව්‍ය නිවාරණය සහ දූෂණ වැළැක්වීම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දායකත්වය දීම අපරාධ වැළැක්වීම සහ විසඳීම,යන ප්‍රධාන කරුණු මූලික කර ගනිමින් ජනතාව සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

යාපනයේ පොලිස් කොට්ඨාසය තුළින් ආරම්භ කිරීමට නියමිත ප්‍රජා පොලිස් සේවාව හැකි ඉක්මනින් උතුරු පළාත තුළ ව්‍යාප්ත කිරීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා ද යාපනය ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

යාපනයේ ප්‍රදේශයේ මේ වන විට පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ජලය රැදෙන ස්ථාන සහ ජලය බැස යාමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙස ද සෞඛ්‍ය අංශ වලට උපදෙස් ලබා දී ඇති අතර යාපනය නගරය, ප්‍රධාන මාර්ගය, ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොළ නිරීක්ෂණය කළ ආණ්ඩුකාරතුමා සෑම විටම සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් එය පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී බවයි උතුරු ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

යාපනය නගරය තුළ පිහිටා ඇති පුල්ලවැව ඉතාම අපිරිසුදු තත්වයට පත්වී ඇති බැවින් කෙටි දිනක් තුළ එය නැවත පිරිසුදු කර අලංකාරමත් වැවක් ලෙස නිර්මාණය කරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර උතුරු පළාතේ සංවර්ධන තොරතුරු දකුණට සන්නිවේදනය කිරීමේ අරමුණින් නව මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද වර්තාවනවා.

About The Author