Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ඉන්දියානුවන් 3000ක් නිරෝධායනය සඳහා ලංකාවට ගෙනල්ලා – අකිල විරාජ් කාරියවසම්

වර්තමානයේ රට තුළ මතුව ඇති අවාසනාවන්ත තත්වය සඳහා ආණ්ඩුව සෘජුවම වගකිව යුතු බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දෙන්නේ PCR පරීක්ෂණ සංඛ්‍යාව සැලසුම් සහගත ලෙස අඩු කරමින් ජනතාව නොමග යවමින් ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ සැලසු බවයි.

එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ කාරියවසම් මහතා පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ව්‍යාජ තොරතුරු ලබා දෙමින් මේ වන විට පාර්ලිමේන්තුව පවා නොමග යවා ඇති බවයි.

ජනතාව බරපතල ජිවිත අවධානමකට මුහුණ පා ඇති මොහොතක එන්නත්කරණය පිළිබඳ සත්‍ය තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරී ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.

ආණ්ඩුව දිගින් දිගටම වගකීම් විරහිත ලෙස කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ බව පැවසු කාරියවසම් මහතා යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම මෙන්ම නිරෝධායනය සඳහා ඉන්දියානු 3000 ක් මෙරටට රැඟෙන ඒමේ සිදු වීම් එයට කදිම නිදසුන් බවද පෙන්වා දුන්නා.

About The Author