මහින්ද රාජපක්ෂ පවුලේ තවත් සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දිවුරුම් දෙනු ලැබුවා.
එහි ප්‍රීතිය සැමරීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පාක්ෂිකයින් ප්‍රදේශ රැසක උත්සව පවත්වන අයුරු දක්නට ලැබුණා.
කටවුට් බැනර් සහ පෝස්ටර් බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබු අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව මහමගට රැස්වී කිරිබත් පිස බෙදා හදාගන්නා අයුරුද දක්නට ලැබුණා.
මහජන රැස්වීම්, විරෝධතා, ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍යය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ මාර්ගෝපදේශ කිසිවක් මෙම පිරිසට අදාළ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
ඇතැම් ස්ථානවල පොලිස් නිලධාරින් ද රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.
ආණ්ඩුවට සම්බන්ධ සැමරුම් සඳහා මෙලෙස ඉඩකඩ ලබා දුන්නද ආණ්ඩුවට එරෙහිව පැවති විරෝධතා කිහිපයකට සහභාගි වූ සිවිල් ක්‍රියාකාරීන් රැසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ නිරෝධායන නීති උල්ලංඝනය කර බව දක්වමින් වීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට