වාහන 164 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය
වාහන 164ක් මිලදී ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද වාර්තා වුණා.
අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ මේ අත්‍යාවශ්‍ය වාහන මීට ඇතුලත් වන බවයි.
මීට ගිලන් රථ 52ක් බවුසර් 50ක් සහ ඩබල් කැබ් රථ 62ක් ඇතුළත්.
කොවිඩ් වසංගතය මධ්‍යයේ වාහන ගෙන්වීමේ උත්සහයක් සම්බන්ධයෙන් මීට පෙරද රජයට චෝදනාවක් එල්ල වී තිබූ අතර එල්ලවූ දැඩි විරෝධය හමුවේ එම උත්සාහය හකුලා ගත් බව සඳහන් කෙරුණා.
කෙසේ නමුත් බොහෝ පාර්ශව සඳහන් කළේ අදාළ වාහන ආනයනය සඳහා ණයවර ලිපි පවා විවෘත කර තිබු මොහොතක අදාළ ඇණවුම් නතර කිරීමට නොහැකි බවයි.
ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ වාහන ගෙන්වීමට රජය කටයුතු කරනු ඇති බව ඔවුන්ගේ අදහස වුණා.
මේ උත්සාහය එවැන්නකට දැයි මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහපෙරුම මහතාගෙන් විමසු අතර අමාත්‍යවරයා බවුසර් රථ සහ ගිලන් රථවල වැදගත්කම ඉස්මතු කරමින් පිළිතුරු සැපයීමට උත්සහ කළද කැබ් රථ ගෙන්වන්නේ කවර කාරණාවක් උදෙසාදැයි පැහැදිළි කිරීමට අපොහොසත් වීම විශේෂත්වයක්.
රජයට සම්බන්ධ ජේෂ්ඨ නිලධාරියෙකු අපට හෙළි කළේ මීට පෙර එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ අත්හැර දැමු බව කියූ වාහන ගෙන්වීමේ උත්සාහය මෙලෙසින් කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇති බවයි.
එහිදී සුපිරි වාහන 230 කට ආසන්න ගණනක් ගෙන ඒමට සලසුම් කර තිබුණා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී