ධනපති මිත්‍රයන්ට බදු සහන දී ආණ්ඩුව අහිංසකයන්ගේ බඩට ගැහුවා
ආණ්ඩුව වහා ඉල්ලා අස්වී ජනමත විචාරණයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනතාව හාමතේ සිටින බවත් එය තවදුරටත් දරා ගත නොහැකි බවත් පවසන ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව විසින් නැවත පෝලිම් යුගයක් නිර්මාණය කරමින් සිටින බවයි.
මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන් තම අදූරදර්ශි වැඩ පිළිවෙල ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දිනපතා ඔප්පු වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී අකාර්යක්ෂම අදක්ෂ වැඩපිළිවෙළ බව ද පැවසූ විපක්ෂ නායවරයා විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද පවසනවා.
මේ වන විට ආණ්ඩුව සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමින් සිටින බවත්, ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද පෙන්වා දෙනවා.
රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ තොගයක් තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට