ඖෂධ ජාවාරමුන් සුද්දකරන කොන්ත්‍රාත්තුවත් බාර අරන්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදහන් වීමේ සිද්ධිය යට ගසමින් ඖෂධ ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ වොෂින් මැෂින් මන්ත්‍රීවරු ඉදිරිපත්ව සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට කප්පරක් බොරු කියමින් කටයුතු කරන මෙම කණ්ඩායම මේ වන විටත් ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇති බවයි.
තව දුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පල කළ නානායක්කාර මහතා,
“මේ අය ගිහිල්ලා, කොවිඩ් සම්බන්ධ දත්ත කිසිවක් මැකී නැති බවත්, ඒ සියල්ල ලබාගෙන ඇත්තේ ලිඛිත ලේඛන වශයෙන් බවත්, මේ අය කියනවා. පාර්ලිමේන්තුවේදී ඇන්ටිජන් පරීක්ෂණ ගෙන්වීමට ටෙන්ඩරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේක ඔන්ලයින් ක්‍රමයට තමයි අයදුම් කළ යුතු බව අපි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ සදහා වන ලේඛණ අපි පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
ඔන්ලයින් ක්‍රමවේදයට විතරයි එදා සිට තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව ලැබුණේ. ඔන්ලයින් ක්‍රමයට විතරයි අයදුම් කිරීමට හැකියාව තිබුණේ. එතකොට මේ මන්ත්‍රීවරු හිතාමතා බොරු කියනවා. මැනුවල් ක්‍රමවේදයට කොවිඩ් සම්බන්ධ ඖෂධ ගෙන්වීමට අයදුම් කර ඇති බවට මේ මන්ත්‍රීවරු කියන කතාව බොරු.
කොවිඩ් සම්බන්ධ දත්ත ඉතා වැදගත් නිසා එම දත්ත තිබෙන බව මේ මන්ත්‍රීවරු දැන් කියනවා. සමස්ත තොරතුරු පද්ධතිය මැකී ගොස් තිබෙනවානම්, ඒ වගේම මැනුවල් ක්‍රමයට අයදුම්පත් භාරගෙන නොමැති නම් මේ පද්ධතිය පවතින බව පවසන්නේ කොහොමද? එතැන තවත් ප්‍රශ්ණයක් තියෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තියෙන්නේ බෙහෙත් පිළිබද තොරතුරු. අසාධු ලේඛණ ගත කළ බෙහෙත් පිළිබද, ලංකාවට ගෙන්විය යුතු සහ ගෙන්විය යුතු නැති ඖෂධ ගැන සියලුම දත්ත තියෙන්නේ මෙතැන. මේ දත්ත මැකී ගියාට පස්සේ මේවායේ වැදගත්කමක් නෑ කියලා මන්ත්‍රීවරු කියනවා.
එතකොට අනික් ලෙඩ වැදගත් නැද්ද? කොවිඩ් විතරද වැදගත් වෙන්නේ?
ඒත් 2021 සැප්තැම්බර් 1 වැනිදා ඉදලා තමයි මැනුවල් ක්‍රමයට අයදුම්පත් භාරගැනීම ආරම්භ කරලා තියෙන්නේ. එතකොට කොරෝනා බෙහෙත් පිළිබද හා උපකරණ පිළිබද අයදුම්පත් පෙර සිටම මැනුවල් ක්‍රමටය භාර ගත්තානම් දැන් නැවත වරක් මැනුවල් ක්‍රමයට අයදුම්පත් භාරගන්නාව කියලා අලුත් චක්‍රලේඛයක් නිකුත් කරන්නේ ඇයි?
තමන්ගේ යාළු මිත්රයින් සුද්ධ කරන්න ගිහින් සවුත්තු වෙන්න එපා. පචවෙන්න එපා.
කොවිඩ් පිළිබද දත්ත තිබෙන බව කියලා ඒ ගැන පරීක්ෂණ නතර කිරීමට තමයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. කොවිඩ් සම්බන්ධ ඖෂධ හෝ උපකරණ ගෙන්වීමේදී කිසියම් වංචාවක් වෙලා, මේ වංචාව යට ගැසීමටද මන්ත්‍රීවරු මැදිහත් වෙලා ඉන්නේ. කොවිඩ් සම්බන්ධ වංචාවක් වුනාට පස්සේ, ඔන්ලයින් දත්ත මකලා දාලා වංචාවත් වහලා දාන්නද උත්සාහ ගන්නේ.
දැන් මේ දත්ත ලිපි ගොනු විදියට අරගත්තට පස්සේ ඒවා නැතිවෙන්න පුලුවන්. ගිනි ගන්න පුලුවන්. එහෙම කරලා කුණු සුද්ද කරන්නද මන්ති‍්‍රවරු උත්සාහ ගන්නේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගජමිතුරන් එක්ක එකතුවෙලා කරන පාපයෙන් මේ අයට බේරෙන්න බෑ. කොවිඩ් වලින් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව ගැන හිතලා ඖෂධවලින් අධික ලාභ ලබන්න එපා කියලා අපි ඖෂධ ගෙන්වන සමාගම්වලින් හා රෝහල්වලින් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ බෙහෙත් ටික ගන්න, ඇන්ටිජන් එකක් කරගන්න බැරිව අපහසුවෙන් ඉන්න වෙලාවක්.
ගසාකෑම නතර කරලා, රැුපිඩ් ඇන්ටිජන් ක්‍රීයාවලියේදී, නිරෝධායන ක්‍රියාවලියේදී විතරක් නෙමෙයි, සීනි පරිප්පු ගෙන්වීමේදී පවා මේ කරන ගසා කෑම නතර කරලා මිනිසුන්ට සහන ලබාදෙන සාධාරණ ව්‍යාපාරයක් කරගෙන යන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යනුවෙන් ද පැවසීය.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට