මේ වනවිට ආණ්ඩුව විසින් රුපියල් මිලියන 25,000ක බදු වංචාවක් ආරම්භ කර ඇතැයි දූෂණ විරොධී හඬ සංවිධානය හෙළිකරනවා.
මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්රේමදාද ඇතුළු පිරිස ආණ්ඩු කළ සමයේ, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස විසින් ටොප් ටෙන් වංචා ලයිස්තුවේ 08 වෙනි වංචාව ලෙස නම් කළ බදු වංචාවට නැවත පන දීම සඳහා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලඟ කැබිනට් මණ්ඩලයට අංක 2021/065 දරන පත්‍රිකාව ඉදිරිපත්කිරීමට නියමිත බව දූෂණ විරොධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා (28) අනාවරණය කළා.
ඒ අනුව ආයෝජන මණ්ඩල අනුමැතියෙන් ක්‍රියාත්මක වන වෙහිකල් ලංකා සමාගමට ජපානයේ පරණ වාහන කොටස් ගලවා ආනයනය කර මෙරටදී අලුත් වාහන වශයෙන් එකලස් කර විකුණමින් රුපියල් මිලියන 25,000ක පමණ බදු වංචා කිරීමේ ජාවාරමක් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබාදීමට සූදානම් වන බවයි වසන්ත සමරසිංහ මහතා හෙළිකළේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට