රසායනික පොහොර තහනම් කිරීමට ජනාධිපතිවරයා සහ රජය විසින් ගන්නා ලද තීන්දුවට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් ලිපියකට අත්සන් තබමින් සිටින බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා
මන්ත්‍රීවරුන් 50ක ඉක්මවූ ප්‍රමාණයක් මෙම ලිපිය සඳහා අත්සන් තබමින් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරිමට නියමිත මෙම ලිපිය මගින් කියා සිටින්නේ කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය වන රසායනික පොහොර තහනම ක්‍රමානුකූලව සිදු නොකර එක්වරම කාබනික වගාවට යොමු කිරීම මගින් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වී තිබෙන බවයි.
කෙසේ වෙතත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා විසින් ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාවක් මත මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි