වත්මන් රජය විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ කොළඹ වරාය නගරයේ චීන කොළනිය පිහිටුවීමට අදාළ පනත කඩිනමින් සම්මත කරගැනීම සඳහා බවත් අධිකරණය හමුවට යෑමට ඇති කාලය දින 7කට සීමාකර එය තවත් ඇහිරෙන පරිද්දෙන් අවුරුදු සමයේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ක්‍රියා කළ වංචා සහගත ස්වරූපය හරහා මේ පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බවත් සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසුවේ පසුගියදා පවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.
“19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච ඉතාමත් යහපත් සාධනීය කරුණු උල්ලංඝනය කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි ආණ්ඩුව විසින් ඊට කාරණාවක් ඇතුළත් කරලා තිබුණා හදිසි පනත් සම්මත කිරීම. ඒවගේම තමයි පනතක් ඉදිරිපත් කළාට පස්සෙ සම්මත කිරීම වෙනුවෙන්, ජනතාවට ඒකට එරෙහිව අධිකරණයට යාමට තිබෙන අයිතිය දින 14ක් දක්වා තිබුණා, ඒ දින 14 දින 7 දක්වා අඩු කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව යමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි මේ රටේ සියලු ජාතික බලවේග, සියලු දෙනා අදහස් කළේ මේ ගේන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එම්.සී.සී. ගිවිසුම අපේ රටේ ස්ථාපනය කිරීමට රුකුල් දෙන සංශෝධනයක් හැටියට. හැබැයි අපට දැන් පේනවා මේ එම්.සී.සී. එක පෙන්නලා ආණ්ඩුවේ දිගුකාලීන ඉලක්කය වෙලා තියෙන්නෙ ඒ ළඟ තිබුණු එම්.සී.සී. එක පාදක කරගෙන, දුර තියෙන මේ චීන කොළනිය, නැත්නම් මේ කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත්ත මේ ආර්ථික කොමිසම පිහිටුවීම වෙනුවෙන් තමයි මේ සංශෝධන ගෙනත් තියෙන්නෙ කියන එක ඉතාම පැහැදිලියි.
මොකද දින 7ක් වැනි කෙටි කාලයක් මේකට විරුද්ධ වෙන්න අවස්ථාව දීලා අවසානයේදී ඒ කාලයත් මේ අවුරුදු කටේ පාර්ලිමේන්තුවට දාලා ඒ කරපු මගඩියත් එක්ක ඉතාම පැහැදිලියි මේක ඇතුළෙ අපට පෙනෙන නොපෙනෙන දැවැන්ත කුමන්ත්‍රණයක් මේ කියන ආර්ථික කොමිසම පිහිටුවීම හරහා තියෙනවායි කියන කාරණාව”
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට