Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ පසුපෙළ බැසිල්ගේ පිච් එකේ කුණු අහුලයි

මේ වන ඇමරිකාව බලාපිටත්ව ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම අදහස් පළකර තිබෙනවා.

මේ වන විට කොරෝනා මර්ධනයට අදාළ විශේෂ කාර්යසාධක බලකායේ සහ ආර්ථික පුනර්ජීවය ඇති කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකායන් වල ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද බැසිල් රාජපක්ෂ මහතායි.

කෙසේ වෙතත් මේ වන විට වගකීම් විරහිත ලෙස කටයුතු කරමින් මෙරට සමාජය තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක්ද පවරා තිබෙනවා.

එමෙන්ම කොරෝනා රෝගය තීරණාත්මක ලෙස ව්‍යාප්තව ඇති මොහොතක ඔහු රටෙන් පිටව යාම පිළිබඳවද විවිධ කණ්ඩායම් විවිධ පරස්පර අදහස් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

සියල්ල අතරතුරයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ලෙස දක්වමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

මෙහි නිමිත්ත වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පැවරී ඇති කොරෝනා නඩුවයි.

ඒ හරහා එම නඩුවේ එක් පැමිණිලිකරුවකු වන උලපනේ සුමංගල හිමියන්ගේ චරිතය පිළිබඳව ප්‍රශ්න කර තිබීමද විශේෂත්වයක්.

මේ හරහා බැසිල් රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනාවලින් ඔහුට ආරක්ෂාව සැළසීම අරමුණ වී තිබෙන බව පැහැදිලි වනවා.

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

මේ වන විට ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටියි.සමස්ථ ආසාදිතයින් ගණන ලක්ෂ 1800කට වැඩි ය.මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3510000කට වැඩි අතර මේ මොහොතේදීත් එය අවසන්ව නැත.

රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත.ඒ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණ වලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.

උන්වහන්සේගේ දේශපාලන පදනම සමස්ථ ‍රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නින්දිත ක්‍රියාවකි.ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බව උන්වහන්සේ උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත.

මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු.

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම
ආණ්ඩු පක්ෂය

© ලිපියේ මුලාශ්‍රය – lanka c news

About The Author