Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ දත්ත පද්ධතියේ කෑලි මකලා – දත්ත මගඩිය හත්පොළේ ගෑවෙයි

අපි අහිංසකයි ආණ්ඩුව කියයි – මේක දුෂණ යට ගහන්න, ව්‍යාපාර මාෆියාව රකින්න කරපු ආණ්ඩුවේ වැඩක් පාර්ශව රැසකින් චෝදනා

ශ්‍රී ලංකා ආණ්ඩුවේ දත්ත අවකාශය හෙවත් (Government Cloud) හි තිබු තොරතුරු රැසක් සැලසුම් සහගත ලෙස මකා දමා ඇති බව හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ද විමර්ශනයක් සිදු කළ අතර ඔවුන්ද මෙම කරුණු තහවුරු කළා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති අති සංවේදී තොරතුරු රැසක් මෙන්ම ඖෂධ පිළිබඳ තොරතුරු ද මෙලෙස මකා දමා ඇති බවයි හෙළිව තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරෙන බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ ආණ්ඩුව තමන්ට හිතවත් ව්‍යාපාරික මාෆියාව ආරක්ෂා කිරීම සඳහා සැලසුම් සහගත ලෙස මෙම තත්ත්වය මකා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ මෙම සිදුවීමේදී ආණ්ඩුව අහිංසක පාර්ශ්වය නියෝජනය කරන බවයි.

About The Author