Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ තවත් ඇමති කෙනෙකුට අධිකරණයෙන් නොතීසී : දඬුවම් නොදෙන්න නම් හේතු කියන්නැයි දැනුම් දෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් රාජ්රී‍ය ඇමති සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය අද (29) සිතාසි නිකුත් කර තිබෙනවා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නිතීඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසින් ගොනුකරණ ලද පෙත්සම් දෙකක් මෙලෙස අභියාචනාධිකරණයේ දී මෙලෙස විභාගයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසය.

මෙම වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්වල සඳහන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් අගෝස්තු මස 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දක්වනු ලැබූ බවත් මෙමගින් සමස්ථ අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බවත් එම පෙත්සම්වල සඳහන් බවයි වාර්තාවන්නේ.

About The Author