බොරුව නවතා එළියට බැස තමන් සමඟ එක්වන්නැයි ද කියයි
රටේ දේපළ සහ සම්පත් විකුණා දමති නිහඬව බලා සිට අද විවිධ කතා කියමින් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින් සිදුකරමින් සිටින්නේ ” නාගරාජ රඟපෑමක් ” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව කෑගල්ල නගරයේ පැවති විරෝධතාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළා.
තමන්ගේ සියල්ල අවබෝධ වී ඇත්තේ දැන් බව පවසමින් අද ආණ්ඩුවට එරෙහිව කතා කරන ආණ්ඩුවේ ම සිටින ඇතැම් පුද්ගලයින් සහ පාලකයින් මෙතරම් කලක් සිටියේ සිහින බලමින් දැයි ප්‍රශ්න කළ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ රට පාවා දෙන විට ආණ්ඩුවේ සිටි ඔවුන් රට පාවා දෙන කැබිනට් පත්‍රිකා අත්සන් කරන විටද ආණ්ඩුවේ සිටි ඔවුන් දැන් සිදු කරන්නේ ජනතාව නොමඟ යැවීමක් බවයි.
එවැනි පුද්ගලයන්ට පැවසීමට ඇත්තේ ආත්ම ගෞරවයක් තිබේ නම් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්ව රට ගොඩනැගීමට තමා සමග එක්වන ලෙස බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට