Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවට හිතවත් ධනපති ව්‍යාපාරිකයන්ට කෝටි ගණනින් බදු සහන දුන් ආණ්ඩුව ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහැකියි – සජිත් ප්‍රේමදාස

තමන්ට හිතවත් ධනපති ව්‍යාපාරිකයින්ට රජය විසින් රුපියල් කෝටි ගණනින් බදු සහන ලබාදීමට කටයුතු කර ඇති බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ රජයට ගුරුවරුන්ගේ සාධාරණ වැටුප් ඉල්ලීම්වලට යම් ආකාරයකින් හෝ ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් මතුවන බවයි.

ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් හමුවේ රජය විසින් මුදල් නොමැති තත්වයක් ඇති බව පවසන නමුත් එවැනි තත්වයක් ඇතිවන බව දැන දැනත් ආණ්ඩුවට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට රුපියල් කෝටි ගණනින් විශාල බදු සහන ලබාදෙමින් ආදායම අහිමි කරගත් ආණ්ඩුව අද වන විට සිදුකරන ප්‍රකාශයන් ගැටළු සහගත බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී ගුරුවරුන් සඳහා අමතර දීමනාවක් ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය හරහා මුදල් වෙන්කර ගැනීමට හැකිවූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේ අදාල දීමනාව හෝ ලබාදීමට රජය කටයුතු නොකරන්නේ ඇයිද ලෙසයි.

කොරෝනා අවදානම හමුවේ ගුරුවරුන් පාසලට ගෙන ඒමට ගත් තීරණය පිළිබඳව ද ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා අවධාරණය කළේ රජය වහා සංවේදීවෙමින් ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා කටයුතු කළ යුතු බවයි.

About The Author