Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවට බැරිනම් අපි රට වහනවා – දින 10ක් රට වැසීමට සියල්ල සුදානම

සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධ තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය සඳහන් කරනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහා පවසන්නේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීමේ වගකීම රජය පැහැර හරින්නේ නම් වෘත්තීය සමිති ලෙස තමන් ඒ වෙනුවෙන් කටයුතු කරන බවයි.

සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් 23 වනදා වන විට දින 10ට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන නිවස් වලට වී සිටින ජනතාවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

About The Author