ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා වලට ජනාධිපතිවරයා විසින් දීර්ඝ පිළිතුරක් පසුගියදා (20) පැවතී ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ද ලබා දීමට පියවර ගෙන තිබුණා.
ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා වලපනේ ප්‍රදේශයේදී එක් වෙමින්.
මේ වන විට ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳරක් වැඩසටහන් 15 ක් සඳහා සහභාගී වී ඇති අතර, මේ වන විට ප්‍රධාන වශයෙන්ම ගැමි ජනතවගේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කිරීමටත් වඩා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එල්ලවන චෝදනා සඳහා පිළිතුරු දීම සඳහා එම වැඩසටහන තුළ වැඩි අවධානයක් යොමු කර ඇති ආකාරයක් දක්නට ලැබීම විශේෂත්වයක්.
පරිසර විනාශය ගැන චෝදනා වලට උත්තර බඳී
මහා වන විනාශයක් සහ පරිසර විනාශයක් වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, පරිසරය ආරක්ෂා කිරීමේ කාර්යය හොදටම සිදුකළේ තමා බවද සඳහන් කළා.
මාධ්‍ය ආයතන මට්ටු කරන විදියත් කියයි – අනතුරුත් අඟවයි
එමෙන්ම තමා විසින් මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇති බවත්, එය අයුතු ලෙස යොදා ගැනීමට උත්සහ දරන මාධ්‍ය ආයතන වලට දඩුවම් ලබා දිය යුතු ආකාරය තමා හොදින් දන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට