Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛතාවය දීම වැරදියි : ලංකාවේ බුද්ධාගම සල්ලි හොයන මාර්ගයක් – නාසා ආයතනයේ විද්‍යාඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

නිරාගමිකයන්ගේ අයිතියටත් ගරු කළ යුතුයි 

බුදුන්ගේ ලංකා ගමනය ගැනත් බුද්ධිකලම්ඹන හෙළිදරව්වක් 

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ  තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ  ශ්‍රී  ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනය විද්‍යාව සමග  සමපාත වන විශ්වීය දර්ශනයක් බවයි.

නමුත් වර්තමානයේ බුද්ධ දර්ශනය ආගමක් ලෙස වෙනස් කොට සහ විකෘති කොට විවිධ පුද්ගලයින් එය මුදල් ඉපයීම සඳහා භාවිත කරන තත්ත්වයක් ශ්‍රී  ලංකාව තුළ නිර්මාණය වී ඇති බව ඔහු පවසනවා.

එබැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ  ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ  බුද්ධාගමට නොව බුද්ධ දර්ශනයට බවයි  ඔහු අවධාරණය කරන්නේ.

විදෙස් රටකදී තමන් බුද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකු ලෙස හඳුන්වා දීමට කිසි විටෙකත්  පසුබට නොවන බව පෙන්වා දෙන  ආචාර්ය කාවන් රත්නතුංග මහතා ශ්‍රී ලංකාවේ පවතින විකෘතිය තුළ  ශ්‍රී ලංකාව තුළ දී තමන් නිරාගමිකයෙකු ලෙස  හැඳින්වීමට කටයුතු කරන බවද සඳහන් කළා.

Mee Massoo TV සමග  විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්  ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසා තිබෙන්නේ  ඇතැම් විද්‍යාත්මක කරුණු  ජනතාවට  අනාවරණය කිරීමේ දී සිංහල බසින් සන්නිවේදනයේ යෙදෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා ඊට මැලිකමක් දක්වන බවයි.

එයට හේතුව සංස්කෘතිය තුළ මුල් බැසගත් සහ ඇතැම් පුද්ගලයින් සමාජ ගත කළ අවිද්‍යාත්මක කරුණු දැඩිව වැළඳ ගත් ජනතාවට විද්‍යාත්මක කරුණු හෙළි කිරීමට යාමේදී ඇතිවන ජනතා ප්‍රතිවිරෝධයට ඔවුන් දක්වන භීතිය බවද ඔහු සඳහන් කරනවා.

බුදුන්වහන්සේගේ පළමුවන සහ දෙවන ලංකා ගමනය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ද ඔහු මෙහිදී සිදු කිරීම විශේෂත්වයක්.

ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අධ්‍යාපනය හදාරා ඇති භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු  වන අතර නාසා ආයතනයේ හබල් දුරේක්ෂයට අදාළ විශ්ව ගවේෂණයේ යෙදී සිටි තාරකා විද්‍යාඥයින්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

අදාළ සම්පූර්ණ වැඩසටහන පහළින්..

About The Author