ජනාධිපතිගේ මිරිහාන නිවසේ ගෑස් කාන්දුවක්
නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ ගෑස් කාන්දුවක් සිදු ව ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.
සමගි ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ කරුණු අනාවරණය කළා.
ඔහු සඳහන් කළේ නොවැම්බර් මස 26 වැනිදා මෙම සිදුවීම වී ඇති බවයි.
ගෑස් කාන්දුව පිළිබඳ අදාළ සමාගම දැනුවත් කිරීමෙන් පසු සමාගම විසින් නව ගෑස් සිලින්ඩරයක් එවා තිබූ බවද රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා.
අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
© මුලාශ්‍රය – Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට