Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අහසත් කළු වෙයි, අද සහ හෙට තදට වහින ලකුණු

අකුණු අනතුරු වලින් ප්‍රවේශම් වන ලෙස ද දැනුම් දෙයි

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැලඹිලි සහිත තත්ත්වයක් හේතුවෙන් අද සහ හෙට දිනයන් වලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වර්ෂා පතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2021 අගෝස්තු මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය

2021 අගෝස්තු මස 21 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද(21) සහ හෙට(22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරේ.

මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.මෙම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇත

දිවයිනේ සෙසු ප්‍රදේශ වල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

About The Author