පරන ගස් කොටයක එක පෝස්ටරයක් දමා ‘ඔබට පින්’ කියා තමන්ට එවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී අමතමිනි.
රටතුළ සිදුවන මහා පරිසර සංහාරය පිළිබඳ ඇතැම් කණ්ඩායම් තමන්ට චෝදනා කිරීමට පටන් ගෙන ඇති නමුත් තමා කිසිදු පරිසර විනාසයකට සම්බ්න්ධ වී නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තමන් බලයට පැමිණ ගතව ඇත්තේ වසරක කාලයක් පමණක් බවත් පවසන ජනාධිපතිවරයා සිදුවන පරිසර විනාශයට වගකිව යුතුවන්නේ වැරදි ලෙස බලපත්‍ර නිකුත් කළ නිලධාරීන් බවත් ඔවුන් එලෙස කටයුතුකර ඇත්තේ පසුගිය රජය සමයේ බවත් සඳහන් කළා.
ජනපතිගේ කතාව බොරු කළ ‘ආරක්ෂක ලේකම්ගේ කතාව’
මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ මහා පරිසර විනාශයක් වර්තමානයේ සිදුවන බවයි.
ඒ සඳහා ආණ්ඩුවට හිතවත් භික්ෂුවක් පවා සම්බන්ධව සිටින බවත්,ආණ්ඩුවේ හිතවතුන් මෙම විනාශයට සම්බන්ධව සිටීම කණගාටුවක් බවත් ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට