පසුගිය දිනවල මෙරටින් දෛනිකව වාර්තා වූ දහසකට ආසන්නයට කොවිඩ් – 19 ආසාදිතයන්ගේ ප්‍රමාණය මේ වනවිට පහළ ගොස් ඇති බවක් පෙනෙන්නේ දිනකට සිදු කරනු ලබන PCR පරීක්ෂණ අඩුවීම නිසා යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.
මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එන්නත්කරණ වැඩසටහනට සහභාගීවී ඇති නිසා PCR පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නැවතී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
“අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් සංඛ්‍යාව 1000 ආසන්නයට ආවා. ආසන්නතම දින ටිකේ 500 ආසන්නයේ අතර තමයි ආසාදිතයින් හිටියේ. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. එකක් PCR සංඛ්‍යාව මත. පසුගිය ආසන්නම දින තුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල PCR පරීක්ෂණ තාවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනේ හිටිය නිසා” යැයි ද ඔහු සදහන් කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට